Pages

Sunday, May 19, 2013

මාවත



නිසල ඡායා අතර
අතරමංව කල්ගෙවන
රාත්‍රියේ වෙස් මුදාහරිනු මැන
ජීවිත මග සොයාගන්නට..
දහසක් පැතුම්
මිට මොලවගෙන
බලාපොරොත්තු..
කර පොදි බැඳගෙන
යන්නේ කොයිබටද?...
නවතින්නේ කොතැනකද?...

දෙමාපිය සිතුම් පැතුම්
වැඩිහිටි ඔවාදන්
දෙසවන පිරීයන
හිත මිතුරු කී වදන්
මේ සියලු මතකයන්
වනයි අත සිත තුටින්
ජීවිත මඟ නොනැවතීම
යායුතුය ඉදිරියටම
යන්නේ කොයිබටද?...
නවතින්නේ කොතැනකද?...



2 comments:

  1. යන්නේ කොයිබටද?...
    නවතින්නේ කොතැනකද?... සිතමු එකට එකතු වි

    ReplyDelete
    Replies
    1. සිතීමට එකතුවී...හැකියි ඔබ වැනි යෙහෙළියක් සිටින විටදී........

      ඒ වචන ටිකත් බොහොම වටිනවා
      බොහොමත්ම ස්තූතියි මගේ යාළුවේ...

      Delete