Pages

Monday, September 9, 2013

ආදරය

හීතලෙන් ගැහෙන හිත
පොරබදයි ඒ උණුහුමට
හිත ළඟම දැවටෙන්න
ඔබ දුරයි මා හදට

ඇළුම් කල ඒ ඔබේ නෙත් යුග
වදන් පවසයි දස දහස්වර
මුමුණන ඔබෙ දෙතොල් අතරට
මුදු සිනහව මා නොවෙද

අහිංසක පොඩි හිත් කොනක
නැගෙන මේ පැතුම් දහසට
ජීවයක් නොම වෙයිද
සදාකල් පරවයන....

5 comments:

  1. ඇයි පරවෙන්න දෙන්නේ. ඒ බලාපොරොත්තු වුන හා ලැබුනු වගේම විඳගත් ජීවය ගැන නෙමෙයිද මේ සටහන ලියුවේ.

    ReplyDelete
    Replies
    1. word verification එක අයින් කරගන්න මචං...නැත්නම් කමෙන්ට් කරද්දි වහක්...

      Delete
    2. පරවෙන්න දෙන්නෙ නැතුව ඒ හැමදෙයක්ම රැකගන්න තාමත් හුගාක් උත්සහ කරනවා..මම මේ Blog කෙටීමට තාමත් හුරුවෙමින් සිටින නිසා තවම මේ දේවල් දන්නෙ නෑ..ස්තූතියි රතී අඩුපාඩුව ගැන දැනුම් දුන්නට හා මෙහි ඇවිත් ඔබේ අදහස් දැක්වීමට...

      Delete
  2. සදාකල් පරව යන හිතක් නම් නොම වෙන්න
    ආදරෙන් හැමදාම නොවෙනස්ව ලග ඉන්න......

    ReplyDelete
  3. නොදෙමි ඉඩ කිසිදා පරව යන්නට..
    දිරිය දෙනු මිතුරියේ මා ළඟම හිඳ.....

    ReplyDelete