Pages

Tuesday, September 17, 2013

අවංක ආදරේ

ළඟදී මගේ මිතුරියගේ අලුත්ම බිලොග් ලිපිය කියවන්න ලැබුනා.
ඒ ලිපියට ලැබුනු අදහස් කීපයක් නිසා මට මේ ලිපිය ලියන්න හිතුනා.
ඒ ලිපිය ලියල තිබුනේ අවංක ආදරයක් නිසා දෙමවුපියන්ගේ අකමැත්ත ඉදිරියේ තමන්ගේ ආදර කතාව ලියාගෙන යන තරුණියක් ගැන.
ඒ ලිපිය කියවල මට හැඟුනු දේ මම ලිව්වා.ඒ අදහසට එකඟ නොවුනු යාළුවෙක්
මගෙන් ප්‍රශ්ණ කරල තිබුනා අවංක ආදරේ කොහෙද තියෙන්නේ?කියලා.ඉතිං ඒ ප්‍රශ්ණෙට
බොහොම කෙටියෙන් උත්තර දුන්නත් ඒ උත්තරේට තව එකතුවෙන්න හුගාක් දෙවල් තියෙනවා.

තවමත් අපි අතර අවංකව ආදරය කරන අය ඉන්නවා.
මම අත්දැකීමෙන්මයි මේ කියන්නෙ.එහෙම ආදරේ කරල,
ඒ ආදරේ අහිමිවුනාම සියදිවි හානි කරගන්න,මනස අවුල් වෙන,
මානසිකව ලෙඩ වෙන අය ඉන්නවා.සමහරු කියන්න පුලුවන් ඒ ඉතින් මෝඩයොනේ,
එහෙමත් නැත්නම් නූගත් කමනෙ කියලා.ඒ අයට එහෙම කියන අපිත් හොයන්නේ අවංකව ආදරය කරන කෙනෙක්ව නේද?


ආදරේ කියන්නේ දෙන්නෙක් අතර ඇතිවෙන බැඳීමක්.ඒ බැඳීම ශක්තිමත් වෙන්නේ ඒ දෙන්න අතර තියෙන විශ්වාසය,පිලිගැනීම,ගරුකිරීම,තේරුම් ගැනීම වගේ ගොඩාක් දේවල් එකතුවුනාමයි.ඉතින් මෙහෙම ආදරය කරද්දි ඒ දෙන්නට මුහුණදෙන්න සිද්ධවෙන ප්‍රශ්ණවලදි තමයි ඇත්තටම ඒ දෙන්න අතර තිබුණෙ ආදරයක්ද?නැත්නම් ආශාවක්ද කියනදේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ.
ගොඩාක් වෙලාවට දෙන්නා අතර තියෙන ආදරේ පලුදුවෙන්නෙ,එහෙම නැත්නම් ආදරය කරන කෙනාව දාලා යන්න සිද්ධවෙන්නෙ ඒ දෙන්නගෙ අදහස් නොගැලපීම,එහෙම නැත්නම් මම කලින් කියපු දේවල් වල තියෙන අඩුපාඩුකම් නිසයි.ඒත් ඒ මොහොතෙදි අපිට හිතාගන්න බෑ මෙච්චර ආදරේ කරලත් එයා මාව දාලා ගියේ ඇයි කියන කාරණාව.කාලයත් එක්ක ඒ දේවල් තේරුම්ගන්නකොට අපේ අතින් හුගාක් දෙනෙකුගෙ හිත් රිදිලා ඉවරයි.


කොහොම වුනත් ආදරේ කරන දෙන්නකුව වෙන්කරන්න හදනව කියන්නෙ ලොකු පවක්.දෙන්න නොගැලපෙන බව තේරුම් අරගෙන වෙන් වෙන එක වෙනම දෙයක්. හුඟාක් වෙලාවට දෙමවුපියන් තමන්ගෙ දුවගේ නැත්නම් පුතාගේ අනාගත සහකරු හෝ සහකාරියව හොයන්නෙ මනුස්සකමට වඩා මුදලට,වත්පොහොසත්කම් වලට,යාන වාහන,ඉඩම් කඩම්,ගෙවල් දොරවල් වගේ යුගල පද ගෝනියක් කරේ තියාගෙනයි.ඒත් ඒ මොනදේ තිබුනත් වැඩක් නෑ හොද හදවතක් නැත්නම්,මනුස්සකමක් නැත්නම්,අනිත් මිනිස්සු ගැන හැඟීමක් නැත්නම්. එහෙම කෙනෙක්ව විවාහ කරලදීලා වටේම ඉන්න නෑයොයි,වේයොයි,කාවොයි ඔක්කොටම පේන්න මඟුල් අරගෙන ටික දවසෙන් උසාවි ගානෙ රස්තියාදුවෙන්නයි වෙන්නේ.

ව්ටිනාම දේ තමයි මනුස්සකම.අද කාලේ හොයාගන්නත් බැරි මේ මනුස්සකමයි.අපි කවුරුත් සර්වසම්පූර්ණ නැහැ.ඉතින් කවමදාකවත් එහෙම කෙනෙකුව හොයාගන්නත් බැහැ.හොදම දේ තමයි එකිනෙකාව තේරුම් අරගෙන ජීවත් වෙන එක.ඉස්කෝලෙ යන කාලෙනම් කොල්ලො,කෙල්ලො ආදරේ කරද්දි දෙමව්පියන් විරුද්ධවෙන එක වැරදියි කියන්න බෑ.මොකද ඒකාලෙදි ජීවිතේ ගැන අත්දැකීම් බොහොම අඩුයි.
නමුත් උසස් අධය්‍යාපනයත් අවසන් කරල,වයසින් වැඩිහිටි කියන මට්ටමටත් ඇවිල්ල,හොද නරක තේරුම් ගන්න පුළුවන් වයසට ආවමත් දෙමව්පියන් හිතන්නෙ තාමත් මේ ළමයි නොදරුවො කියලයි.
එතකොට කවදද ළමයි වැඩිහිටියො වෙලා තීරණගන්න පුළුවන් වයසට එන්නේ????
අද සමාජයේ ආදරේ කරල විවාහ වුනත්,විවාහ වෙලා ආදරේ කලත් වෙනසක් නෑ ඊටත්වඩා දික්කසාදවෙන පිරිස එන්න එන්නම වැඩිවෙනවා.ඒ අතින්
අපිට ආඩම්බරවෙන්න පුළුවන් අපේ දෙමාපියන්ගේ අවංක ආදරේ දිහා බලලා.එයාලගේ ඒ අවංක ආදරේ නිසා තමයි අපිත් ඒ අවංක ආදරේ පස්සෙන් දුවන්නේ....

2 comments:

  1. කවි පද අමුණ අමුණ ඉදලා ..ලිපියක් ලිවිම ගැන සතුටු වන අතර.....ආදරේ නාමයෙන් දිගටම ලියහන් පිහාට්ටෝ.

    ReplyDelete
    Replies
    1. තාම මේ වැඩෙනම් එච්චරම හුරු නැහැ..බලමු උත්සහකරල...ඔයත් ඉන්නවනෙ මගෙ උදව්වට...

      Delete